“වැඩ බලන විදුහල්පතිවරුන් ලෙස පත් කරන ගුරුවරුන්ට විදුහල්පති වරප්‍රසාද ලැබෙන්නේ නැහැ”

“වැඩ බලන විදුහල්පතිවරුන් ලෙස පත් කරන ගුරුවරුන්ට විදුහල්පති වරප්‍රසාද ලැබෙන්නේ නැහැ”

විදුහල්පති තනතුරුවල පවතින පුරප්පාඩු සඳහා ගුරු සේවයේ නිරතවන්නන් වැඩ බලන විදුහල්පතිවරුන් ලෙස පත් කළ ද ඔවුන්ට ඊට අදාළ වරප්‍රසාද හිමි නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අද (08) පාර්ලිමේන්තුවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ඒ අනුව, වැඩ බලන විදුහල්පතිවරුන් ලෙස සේවයේ නිරතවන්නන්ට වැඩ බලන විදුහල්පතිවරුන් ලෙසම ස්ථාන මාරු වීම් ලබා ගත නොහැකි බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම වැටුප් වර්ධක හිමි වීමේදී ද ඔවුන්ට හිමි වන්නේ ගුරු සේවයට අදාළ වැටුප් වර්ධක පමණක් බවයි, අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

එලෙස වැඩ බලන විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන අයෙකුට ස්ථාන මාරුවීමක් ලබා ගැනීමට අවශ්‍යනම් සාමාන්‍ය ගුරු සේවයට අදාළවයි එය ලබා ගත යුත්තේ.

Share This