ධීවර යාත්‍රාවක් පෙරළී පුද්ගලයෙක් අතුරුදන්

ධීවර යාත්‍රාවක් පෙරළී පුද්ගලයෙක් අතුරුදන්

වස්කඩුව මුහුදේ එක්දින ධීවර යාත්‍රාවක් අද (8) උදැසන අනතුරට ලක්වීමෙන් තිදරු පියකු අතුරුදන්ව දිවි ගලවාගත් දෙදෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කළුතර උතුර , විලේගොඩ රෝසවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී නිශාන් සිල්වා නමැති 35 හැව්රිදි තිදරු පියකු බව පොලිසිය කීය.

අතුරුදන්ව ඇති පුද්ගලයා තවත් දෙදෙනකු සමග උදැසන 6.30 ට පමණ කුඩා වස්කඩුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා ජේ.එස්. මැරීන් නමැති ඒ 1380 කේ එල් ටී එක්දින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇත.

එන්ජිමේ කාර්මික දෝෂයකට ලක්වී බෝට්ටුව පෙරලී ඇති අතර, තිදෙනා බෝට්ටුවේ එල්ලී සිට ඇති බවත් රළ පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පොලිසිය පවසයි.

දිවි ගලවාගත් දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ප්‍රදේශයේ ධීවර යාත්‍රා දෙකක් යොදා මුහුදේ නිරීක්ෂණය කරමින් සිටී අතර , කළුතර උතුර පොලිසිය ප්‍රදේශයේ ජනතාව සමග වෙරලේ නිරීක්ෂණය කරන ලදී.