ගාල්ල – මාතර පාසල් ගොඩනැගිලි 50ක් කඩා වැටිලා

ගාල්ල – මාතර පාසල් ගොඩනැගිලි 50ක් කඩා වැටිලා

පසුගිය සති හයක පමණ කාලයේ දී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි පාසල් ගොඩනැගිලි පනහක් පමණ කඩා වැටී තිබේ.

මෙම ගොඩනැගිලි වල අධ්‍යාපනය ලැබූ දරුවන් සහ ගුරුවරුන් වෙනත් පාසල් වලට යොමු කර තිබෙන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා ඊයේ (08) පැවැසීය.

මෙලෙස කඩා වැටී තිබෙන ඇතැම් ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුව ඇති බවත් ඇතැම් ඒවා ප්‍රතිසංස්කරණය කළ හැකි මට්ටමේ පවතින බවත් කී ලේකම්වරයා ලෝක බැංකු ආධාර යටතේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මුදල් වෙන් කෙරෙන බවත් සඳහන් කළේය.

මාස දෙකක් ඇතුළත නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හැකියාව පවතින බව ද ඔහු කීවේය.

කඩා වැටී තිබෙන ඇතැම් ගොඩනැගිලි වසර පනහ හැට පැරණි යැයි ද පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ ව්‍යාපෘති යටතේ නව ගොඩනැගිලි ඉදිකර තිබෙන නමුත් මෙවැනි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට අවධානය යොමු කර නැතැයි ද කී ලේකම්වරයා එවැනි අවධානයක් යොමු කළේ නම් මෙතරම් විනාශයක් සිදු නොවන බවත් පැවසීය.

Share This