විදුලි ගාස්තු වැඩිකිරීමට අවසර ලැබෙයි

විදුලි ගාස්තු වැඩිකිරීමට අවසර ලැබෙයි

අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ. 

ඒ අනුව විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු වැඩිවන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද (20) දිනයේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් දැනුම්දෙන්නේ විදුලි ගාස්තු වැඩි කෙරෙන ප්‍රතිශත කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවයි.

මහජන අදහස් විමසීමෙන් පසු සිදුකළ කරුණු සමාලෝචනයට අනුව 18%ක පමණ විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් අද දිනයේ නිල ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව තවදුරටත් වාර්තා වෙයි.