web hit counter
ඇන්ජලෝ හා චමීර ලෝක කුසලාන සංචිතයට

ඇන්ජලෝ හා චමීර ලෝක කුසලාන සංචිතයට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් හා ආබාධයකින් අනතුරුව සුවය ලබා සිටින වේග පන්දු යවන ක්‍රීඩක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයට එක්කර තිබේ.

ඔවුන් මූලික සංචිතය තුළ නොමැති වුවත් කණ්ඩායම සමග රැදී සිටිනු ඇතැයි ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

යම් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වුවහොත් ඒ වෙනුවට ආදේශ කිරීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා මෙසේ කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

ඒ අනුව මැතිව්ස් හා දුෂ්මන්ත අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත අතර ඔවුන් හෙට දිනයේදී කණ්ඩායම සමගින් එක්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය ලබන 21 දා ලක්නව්හිදී පැවැත්වීමට නියමිතය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )