මේ වසරේ දී 4000ක් ගුරු සේවයට

මේ වසරේ දී 4000ක් ගුරු සේවයට

වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ, අරලියගහ මන්දිරයේ පැවති බස්නාහිර පළාත්උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

උපාධිධාරී ගුරුවරුන් 2320කට පත්වීම් ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, චරිතවත් ගුණගරුක අනාගත පරපුරක් බිහි කිරීමේ වගකීම ගුරුවරයාට පැවරෙන බවයි.

ගුරු වෘත්තියේ ගෞරවය කෙළසා ගැනීමට කිසිවිටෙකත් කටයුතු නොකළ යුතු බව පැවසු ජනාධිපතිවරයා ගුරුවරුන් නිරතුරුව විෂය දැනුමෙන් යාවත්කාලීන වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.