මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණනක පාර්සල් හා භාණ්ඩ හිරවෙයි

මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණනක පාර්සල් හා භාණ්ඩ හිරවෙයි

තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ හා අනෙකුත් තැපැල් කාර්යාල වල ලිපි පාර්සල් හා භාණ්ඩ ලක්ෂ 15 ත් 20 අතර ප්‍රමාණයක් හිර වී තිබෙන බව තැපැල් එම වෘත්තීය සමිති පවසනවා.

මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල විකිණීමට විරෝධය දක්වා තැපැල් වෘත්තීය සමිති මෙම වර්ජනය ආරම්භ කළා.

කෙසේ වෙතත් අද (10) දිනය වන විට තැපැල් සේවකයින් තම වර්ජනය අවසන් කර යළි සේවයට පැමිණ තිබෙනවා.

Share This