මස්කෙලිය නල්ලතන්නිය මාර්ගයට ගල් පෙරළෙයි – ගමනාගමනය එක් මං තීරුවකට සීමා කෙරේ

මස්කෙලිය නල්ලතන්නිය මාර්ගයට ගල් පෙරළෙයි – ගමනාගමනය එක් මං තීරුවකට සීමා කෙරේ

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මොහිණි ඇල්ල අසලින් ප්‍රධාන මාර්ගයට විශාල ගල් කිහිපයක් පෙරලිම නිසා එම මාර්ගයේ ගමනා ගමනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් එක් මංතිරුවකට සිමා කර තිබේ.

කදු මුදුණේ සිට විශාල ගල් කිහිපයක් පසුගිය දිනවල ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති බවත්, ඒ අනුව එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලිකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දිවා රාත්‍රියේ එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටින නිලධාරින් කියා සිටින්නේ.

කදු මුදුණේ තවත් විශාල ගල් කිහිපයක් පහලට පෙරලිමේ අවධානමක් පවතින බවත්, මෙවර ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ විමට ප්‍රථම පහලට පෙරලිමේ අවධානමක් සහිත ගල් ඉවත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරින් පැවසිය

Share This