බීමත් රියැදුරෙකු අල්ලන පොලිස් නිලධාරියෙකුට රුපියල් 5,000ක දීමනාවක්

බීමත් රියැදුරෙකු අල්ලන පොලිස් නිලධාරියෙකුට රුපියල් 5,000ක දීමනාවක්

බීමත් රියැදුරෙකු අත්අඩංගුවට ගන්නා සෑම පොලිස් නිලධාරියෙකුට රුපියල් 5,000ක දීමනාවක් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොට්ඨාසය තීරණය කර තිබේ.

2024 වසරේ ජනවාරි මස 1 වනදා දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම කාලය තුළ බීමත් රියැදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට සිය වැටුපට අමතර රු.5000ක දීමනාවක් හිමිවන බවත් ඊට වැඩියෙන් කරන අත්අඩංගුවට ගැනීම් සඳහා ද රුපියල් පන්දහස සිට ඉහළම මුදල් ත්‍යාග ගෙවන බවත් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ ය.

නිලධාරීන් දිරිගන්වා අනතුරු වළකාගැනීම උදෙසා මෙම නියමු ව්‍යාපෘතිය ඇරඹූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

Share This