ආහාර විෂ වී පොලිසියේ 10ක් රෝහලට

ආහාර විෂ වී පොලිසියේ 10ක් රෝහලට

පයාගල පොලිසියේ නිලධාරීන් දස දෙනකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

රෝගාතුර වූ පිරිස් අතර පාලන අංශයේ සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනා වන උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා මෙන්ම පොලිස් කාන්තාවන් මෙන්ම කොස්තාපල්වරුන් ද සිටින බව ද පැවැසේ.

මේ වන විට නාගොඩ රෝහලේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා පොලිස් කාන්තාවක සහ කොස්තාපල්වරයෙකු පමණක් ප්‍රතිකාර ලබන බවත් සෙසු අය ප්‍රතිකාර ගෙන ඊයේ (6) රාත්‍රියේ ම පිට වී ගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයක් පැවසීය.

Share This