ආර්ක්ෂක ලේකම්ගේ නව කෘති දෙකක් සහ ගීතයක් එළි දැක්වේ

ආර්ක්ෂක ලේකම්ගේ නව කෘති දෙකක් සහ ගීතයක් එළි දැක්වේ

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “තාරා ගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නව කතා ද්විත්වය සහ “ ඇහේ කඳුළැලි” ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ (06) පැවැත්විණි.

නවකතා ද්විත්වයෙහි පළමු පිටපත් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක කරූ ජයසූරිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන අය වෙත කෘති පිළිගැන්වීම සිදු විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “ඇහේ කඳුළැලි” ගීතය යසස් මැදගෙදර විසින් සංගීතවත් කර තිබූ අතර ප්‍රවීණ ගායිකා අභිෂේකා විමලවීර විසින් එය ගායනා කරනු ලබයි.

මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළේය.

ආනන්ද විද්‍යාලයේ පුස්තකාලය වෙත පිරිනැමුණු ග්‍රන්ථ කට්ටලය එම විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක වෙත මෙහිදී භාර දෙනු ලැබීය.