උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ, සංඥා දෝෂ ඇති වීම සහ මාර්ගයට පස්, ගල් සහ ගස් කඩා වැටීම හේතුවෙන් මෙම ප්‍රමාදය හට ගෙන ඇති බවයි.

මේ අතර, කොළඹ – බදුල්ල තැපැල් දුම්රියද අද (24) අවලංගු කළ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

එමෙන්ම, අද දිනයේ විශේෂ දුම්රිය ද අවලංගු කර ඇති බවයි, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.