web hit counter
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු අභාවප්‍රාප්ත වූ බවයි, පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 64 කි.

ජාතික තරුණ සේවා සභාව හරහා ඔහු රූපලාවන්‍ය ක්ෂේත්‍රයට දායාද කළ සිසුන් ප්‍රමාණය අතිවිශාලය.

මෙරටට ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාදුන් ප්‍රේමසිරි හේවාවසම් මහතා ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )