ඉන්දියාවේදී “little champs 2023” කිරුළ දිනූ කිල්මීෂා ජනපති හමුවෙයි

ඉන්දියාවේදී “little champs 2023” කිරුළ දිනූ කිල්මීෂා ජනපති හමුවෙයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන් දියණිය, සිය පවුලේ සාමාජිකයන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.

කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ඇය වෙත සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත දිවිය ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

ඇය ඉන්දියාවේදී මෙම ජයග්‍රහණය ලැබූ අවස්ථාවේදීම ජනාධිපතිවරයා ඇයට දුරකතනය ඔස්සේ මුලින්ම සුබපතා තිබුණි.

යාපනයේ පෞද්ගලික හෝටලයක පැවති උත්සවයකදී මෙම හමුව සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව කිල්මිසා එහිදී ගීත කීපයක්ද ගායනා කරනු ලැබීය.