අවයව බද්ධයට අවශ්‍ය ඖෂධවල හිඟයක්

අවයව බද්ධයට අවශ්‍ය ඖෂධවල හිඟයක්

අවයව බද්ධ කරන රෝගීන්ට ලබාදෙන ‘Basilixinab’ ඖෂධ හිග වීම නිසා අවයව බද්ධ ශල්‍යකර්ම වලටත් බාධා සිදුවෙමින් තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි.

මීට අමතරව සුනඛයින් සපා කන රෝගින්ට ලබා දෙන එන්නත් වර්ග දෙකෙන් එක් එන්නත් වර්ගයක් හිඟ වී තිබෙන බවත් මේ නිසා සුනඛයින්ගේ සපා කෑමකට ලක්වන රෝගීන්ද දුෂ්කරතාවයන්ට පත්වන බවද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සදහන් කළේය.

රෝගීන්ට බද්ධ කරණ අවයව ප්‍රතික්ෂේප වීම වැළැක්වීම සඳහා ලබා දෙන පළමු පෙළ එන්නතක් වන Basilixinab ඖෂධය හිගවීම නිසා වකුගඩු බද්ධය ඇතුළුව අවයව බද්ධ වලට පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

මෙම ඖෂධය බාහිරින් මිලදී ගන්නේ නම් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වැය වන බවත් හම්බන්තොට, අනුරාධපුර ඇතුළු ඉතා දුෂ්කර පළාත් වලින් අවයව බද්ධ කිරීමට පැමිණෙන රෝගීන්ට මෙම මුදල ගෙවා බාහිරින් ඖෂධ මිලදී ගැනීම ඉතා දුෂ්කර බවද ඔහු සදහන් කළේය.

මේ නිසා මේ සම්බන්ධව වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කර Basilixinab ඖෂධය හිගයට හා ජලභිතිකා එන්නත් හිගයට කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවද වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටියේය.

Share This