ඉන්දීය රුපියල් වලින් ගනුදෙනු කරන UPI ගෙවීම් ක්‍රමය දැන් මෙරටදීත්

ඉන්දීය රුපියල් වලින් ගනුදෙනු කරන UPI ගෙවීම් ක්‍රමය දැන් මෙරටදීත්

U P I ගෙවිම් ක්‍රමය ලෙස හැඳින්වෙන ඉන්දීය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ ඊයේ (12) දිනයේ සිට ආරම්භ විය.

UPI යනු ඉන්දියාවේ තිබෙන inter-bank mobile payment interface එක, එය ලංකාවේ LankaPay වලින් හඳුන්වාදී ඇති JustPay payment interface එක වැනි ගෙවීම් ක්‍රියාවලියකි.

ඉන්දියානුවන් මේ වෙනකොට බහුලව භාවිතා කරන Paytm, PhonePe වගේ ප්‍රසිද්ධ payment apps හැම එකක්ම payments process කිරීම සිදු වන්නේ මේ UPI එක හරහායි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ක්‍රියාවලිය හඳුන්වා දීම ඊයේ (12) සිදුවිය.

මෙම ක්‍රමය යටතේ භෞතිකව මුදල් ගනුදෙනු නොකර ඉන්දීය බැංකු වෙත ඍජුවම ඉන්දීය රුපියල් මගින් ගෙවීම් කළ හැක.

මෙම ගිවිසුම සඳහා ඉන්දීය අග්‍රාමත්වරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මාර්ගගත ක්‍රමය හරහා අත්සන් තැබීම සිදු විය .

මෙම පද්ධතිය හරහා ජංගම දුරකථන මාර්ගයෙන් සංචාරකයින්ට මෙන්ම මෙරට ප්‍රජාවටද අන්තර් බැංකු සහ පුද්ගල වෙළඳාම් ගනුදෙනු සඳහා පහසුකම් සලසනු ලබයි.

මේ අනුව ගනුදෙනු භෞතිකව සිදු නොකර ඉන්දීය බැංකු වෙත ඍජුවම ඉන්දීය රුපියල් මගින් ගෙවීම් සිදු කළ හැකියි.

🔴 UPI ලංකාවට එන්නේ?

ලංකාවට දැන් වැඩියෙන්ම සංචාරකයෝ එන්නේ ඉන්දියාවෙන්. මේ වීඩියෝ එකේ තියෙන විදියට 2023 දි ඉන්දියානු සංචාරකයෝ ලක්ෂ 3ක් ලංකාවට ඇවිත්ලු. ඉතිං එහෙම එන ඉන්දියානු සංචාරකයන්ට ලංකාවෙදි මුදල් ගෙවන එක පහසු කරන්නයි UPI ලංකාවට එන්නෙ, වෙන මොකටවත් නෙමෙයි.

🔴 ලංකාවෙදි ඉන්දියානු සංචාරකයෝ කොහොමද UPI system එකෙන් මෙහෙ වෙළඳුන්ට මුදල් ගෙවන්නේ?

එයාලට පුළුවන් එයාලා දැනටමත් use කරන PayTM හරි, PhonePe හරි, නැත්තං එයාලගේ ඉන්දියානු බැංකුවේ Mobile App එක හරි use කරලා, එයාලා ඉන්දියාවෙදි වෙළඳුන්ට ගෙවනවා වගේම මෙහෙ වෙළඳුන්ටත් මුදල් ගෙවන්න.

හැබැයි ලංකාවේ වෙළඳුන්ට එහෙම කරන ගෙවීම් අරගන්න නම්, එයාලා ගාව LankaQR එකක් තියෙන්න ඕනෙ. තමන්ගේ බැංකුවෙන් හරි, payment app එකකින් හරි මේ වෙනකොට ලංකාවේ ඕනෙම Merchant කෙනෙක්ට Lanka QR එකක් හදාගන්න පුළුවන්නේ. අන්න එහෙම හදාගත්ත වෙළඳුන්ට පුළුවන්, ඉන්දියානු සංචාරකයින්ගෙන් මේ ක්‍රමයෙන් payments අරගන්න.

🔴 හැබැයි LankaQR ලංකාවේ ගොඩක් වෙළඳුන් ගාව තාම නෑනේ? තිබ්බත් ඒකෙන් payments ගන්න දන්නේ නෑනේ?

අන්න ඒක තමයි මුලින්ම විසඳලා ඉන්න ඕනෙ! ඉන්දියානු ​සංචාරකයෝ නිසාවත් ලංකාවේ වෙළෙඳුන් QR payments ගන්න හුරු උනොත් ඒක ලොකු දෙයක්.

Share This