මහනුවර ඇසළ පෙරහැරේ ප්‍රථම කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහැරේ ප්‍රථම කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද (21දා) වීදි සංචාරය කරයි.

කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලගාව ඉදිරිපිටින් පස්වරු 7.10ට ගමන් ආරම්භ කිරීමට නියමිත අතර දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.

කුඹල් පෙරහර අද (21දා) සිට 25 දින දක්වා වීදි සංචාරය කෙරෙන අතර අනතුරුව රන්‍ෙදා්ලි පෙරහර 26 දින ආරම්භ වේ. අවසන් රන්‍ෙදා්ලි මහ පෙරහර මෙම මස 30 දින වීදි සංචාරය කිරීමට නියමිතය.

ප්‍රථම කුඹල් පෙරහර කුඩා දරුවන්ට දැක බලා ගැනීමට සැලැස්වීමෙන් ඔවුන්ගේ අපල උපද්‍රව දුරුවන බවට විශ්වාසයක් පවතින බැවින් මෙදින අති විශාල ජනතාවක් පෙරහර නැරඹීම සඳහා මහනුවරට පැමිණෙනු ඇතැයි පෙරහර සංවිධායකයෝ අපේක්ෂා කරති.