අධ්‍යාපන චාරිකාවක් ගිය සිසුවෙක් අනතුරකින් ජීවිතක්ෂයට

අධ්‍යාපන චාරිකාවක් ගිය සිසුවෙක් අනතුරකින් ජීවිතක්ෂයට

හබරාදූව රූමස්සල ප්‍රදේශය්දී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ අධ්‍යාපන චාරිකාවක ගිය දහම් පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක සිටි සිසුවෙක් ජනේලයෙන් එළියට හිස දැමීමේ දී විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව ඇති බවයි.

ඊයේ (20) සවස් කාලයේ දී එම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ සිසුව කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 16ක් වු උඩුබද්දාව, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.