සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 08 ක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 08 ක මිල පහළට

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පාරිභෝගික ජනතාවට සහන සැලසීම අරමුණු කරගෙන ඊයේ (03) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 08 ක මිල පහත හෙළීමට සතොස පියවර ගෙන තිබේ

ඒ අනුව, වියළි මිරිස් කිලෝවක මිල රු 300 කින් අඩු කර ඇති අතර එහි නව මිල රු 850

චීනයෙන් ආනයනය කරන ලද බී ළුණු කිලෝවක මිල රු 120 කින් අඩු කර ඇති අතර එහි නව මිල 375

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බී ළුණු කිලෝවක මිල රු 50 කින් අඩු කර ඇති අතර එහි නව මිල රු 445

පාකිස්ථානයෙන් ආනයනය කරන ලද බී ළුණු කිලෝවක මිල රු 50 කින් අඩු කර ඇති අතර එහි නව මිල 445

සුදු ළුණු කිලෝවක මිල රු 15 කින් අඩු කර ඇති අතර එහි නව මිල රු 680

ආනයනික අර්තාපල් කිලෝවක මිල රු 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රු 165

රතු පරිප්පු කිලෝවක මිල රු 7 කින් අඩු කර ඇති අතර නව මිල රු 298

සුදු කැකුළු සහල් කිලෝවක මිල රු 3 කින් අඩු කර ඇති අතර එහි නව මිල රු 189 කි.