රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසු අවලංගු නොවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මීට පෙර එම ලේඛන මාස 6කට වලංගු වන බව පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බවයි.

නිකුත් කරන ලද ඕනෑම සහතිකයකයක පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

කෙසේ වෙතත් යම් අවස්ථාවක දී උප්පැන්න විවාහ සහ මරණ ලේඛනයක සංශෝධනයක් සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Share This