පස් කන්දක් කඩා වැටී මාමණ්ඩිය සහ බැණා මරුට

පස් කන්දක් කඩා වැටී මාමණ්ඩිය සහ බැණා මරුට

ඊයේ (16) පස්වරුවේ නුවරඑළිය නගර ආසන්නයේ පැරණි කච්චේරිය අසල පිහිටි නිවසක කොන්ක්‍රීට් තාප්පයක් ඉදි කරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟ මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්වි ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ මාමණ්ඩිය සහ බැණා වන ගාල්ල වැලිහේන ප්‍රදේශයේ පදිංචි පි.එම්.සි.රුක්ෂාන් (23) (බැණා) සහ කේ.නිලන්ත (43) (මාමණ්ඩිය) යන අයයි.

ඊයේ පස්වරු 4 ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, පස් කන්දට සිරවී තිබු පුද්ගලයන් දෙදෙනා ප්‍රදේශවාසින් සහ පොලිසියේ නිලධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගෙන නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇති අතර, අනතුරට පත් දෙදෙනා රෝහලට රැගෙන යට විටත් ජිවිතක්ෂයට පත් ව සිටි බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙම කොන්ක්‍රිට් තාප්පය ඉදි කිරිම සදහා කොන්ත්‍රාත්තුව ලබාදී ඇති කොන්ත්‍රාත්කරු විසින් කිසිදු ආරක්ෂිත උපකරණ භාවිතා කර නොමැති බවට පොලිසිය විසින් කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

රෝහල වෙත රැගෙන ගිය සිරුරු පශ්චාර මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවද පොලිසිය පැවසිය.

Share This