පාඨලීගෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිල්ලක්

පාඨලීගෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිල්ලක්

ආර්ථික පීඩා හමුවේ අසරණවූ ජනතාව, විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත්කිරීම පිළිබද පැමිණිලි කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෑමට නියමිතය.

ඒ අනුව, අද (23) දහවල් 12.00 ට ඒ මහතා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවේ එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත බවයි, එක්සත් ජනරජ පෙරමුණ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.