ජනක රත්නායකගෙන් කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ජනක රත්නායකගෙන් කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

මහජන උපයෝගිතා කොමිෂන් කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියේ ප්‍රධාන සැකකරු දඹුල්ල නිවසේ සඟවාගෙන සිට මෙම අපරාධය සඳහා ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38-40 අතර වයසේ පසුවන පුද්ගලයන් පුද්ගලයින් දෙදෙනෙකි.කොළඹ අපරාධ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

Share This