සීනි බදු වංචාව ගැන පරීක්ෂණ අවසන් – ලිපි ගොනු නීතිපතිට

සීනි බදු වංචාව ගැන පරීක්ෂණ අවසන් – ලිපි ගොනු නීතිපතිට

සීනි බදු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර එම පරීක්ෂණයේ ලිපි ගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

ඊට අදාළ පිළිතුරුද මේ වනවිට ලැබී ඇති බව පැවසු ඔහු එම ලිපිගොනු නීතිපතිවරයාට යොමු කර ඇත්තේ, නඩු දැමීම සඳහා උපදෙස් ලබා ගැනීමට බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සීනි බදු වංචාව සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.