හූති ඉලක්ක 8කට ගුවන් ප්‍රහාර මාලාවක්

හූති ඉලක්ක 8කට ගුවන් ප්‍රහාර මාලාවක්

හූති කැරලිකරුවන් ඉලක්ක කරගනිමින්, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය යළි ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

භූගත ගබඩාවක් ඇතුළු යේමනයේ හූති ඉලක්ක 8කට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හූති කැරලිකරුවන් රතු මුහුදේ ගමන් ගන්නා නෞකා වලට පහර දීම ආරම්භ කළේ, පසුගිය නොවැම්බර් මාසයේදීය.

ඒ, ඊශ්‍රායල – හමාස් ගැටුමේදී ඔවුන් හමාස් සංවිධානයට සහයෝගය පළ කරන බව නිවේදනය කරමිනි.

නමුත් ඊට එරෙහිව අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය පසුගිය ජනවාරි 11 වැනි දා යේමනයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් නාවික ආරක්ෂණ බලකායක් ද පිහිටවිය.

අමෙරිකාව ඇතුළු බටහිර රටවල මෙම මැදිහත්වීම මැද පෙරදිග කලාපයේ ගැටුම් ව්‍යාප්ත කිරීමට හේතු වනු ඇති බවට විශේලේෂකයින් පෙන්වා දුන්න ද නිදහස් වෙළෙඳාම ආරක්ෂා කිරීමේ අරමුණින් යේමනයට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකාව පවසයි.

Share This