දුම්රිය අනතුරින් මිය ගිය තරුණයාට වන්දි

දුම්රිය අනතුරින් මිය ගිය තරුණයාට වන්දි

හොරපේ දුම්රිය ස්ථානයේ දී අනතුරකට ලක්ව මිය ගිය තරුණයාට වන්දි ලෙස රුපියල් ලක්ෂ පහක මුදලක් ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ලබාදෙන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

දුම්රිය රියැදුරු වර්ජනය නිසා පැවති දුම්රිය මගී තදබදය මත මෙම තරුණයා ඊයේ නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක වහලය මත නැගී පැමිණෙමින් සිටියදී හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ ගැටී දුම්රියෙන් බිමට වැටී මරණයට පත් විය.