මහනුවර පාස්පෝට් කාර්යාලය අසල උණුසුම් තත්වයක්

මහනුවර පාස්පෝට් කාර්යාලය අසල උණුසුම් තත්වයක්

විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලයේ ඉදිරිපිට දැඩි තදබදයක් හටගෙන තිබේ.

ඊයේ (27) පස්වරුවේ සිට මෙම පිරිස රැඳී සිටි අතර අද (28) පෙරවරුවේද තවත් පිරිසක් එම පෝලිමට ඇතුළු වීම හේතුවෙන් උණුසුම්කාරී තත්වයක් ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී එම තත්ත්වය පාලනය සදහා මහනුවර පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.

මෙම තත්ත්වය සෑම දිනකම සිදුවන බවත් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කිසිදු පියවරක් කාර්යාලය මගින් ගෙන නොමැති බවද ජනතාව පවසනවා.

තැරවුකරුවන් යොදා ලබාගන්නා රැදීසිටිමේ අවස්ථාව තව කෙනෙකුට මුදලට ලබාදිමත් මෙහිදි සිදුවෙන බව ඔවුන් පවසනවා.

මේ තත්ත්වය හේතුවෙන් දුර පලාත් වලින් පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ඔවුන් කියා සිටියා.

 

Share This