මඩකලපුවේ කලපුවකින් නවීන ප්‍රබල අත්බෝම්බ 4ක් සොයාගැනේ

මඩකලපුවේ කලපුවකින් නවීන ප්‍රබල අත්බෝම්බ 4ක් සොයාගැනේ

මඩකලපුව මූලස්ථාන කොට්ඨාසයට අයත් මඩකලපුව සින්න උපෝඩයි ගඟබඩ පාරේ කලපු ප්‍රදේශයේ තිබී නවීන ප්‍රබල අත්බෝම්බ 4ක් සොයා ගත් බව මඩකලපුව මූලස්ථාන පොලිස් ස්ථානයේ වැඩබලන අපරාධ මර්දන නිලධාරි අයි. පී. රාජිත මහතා පැවසීය.

එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයකු එම මාර්ගයේ ගමන් කරමින් සිටි නීතිඥයකුට ඒ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව නීතිඥවරයා පොලිසියට ලබා දුන් තොරතුරක් මත එක් අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

එම බෝම්බය සොයා ගැනීමෙන් අනතුරුව විනාඩි කිහිපයක් ඇතුළත එම ස්ථානය ආසන්න ප්‍රදේශයෙන් තවත් අත්බෝම්බ තුනක් ද සොයා මෙසේ සොයා ගැනිණ.

එම ස්ථානයට වහා පැමිණි විශේෂ මෙහෙයුම් බළකාය පැවසුවේ මෙම අත්බෝම්බ සිංගප්පූරුවේ නිෂ්පාදිත ඒවා විය හැකි බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share This