රොනී ද මෙල් මහතාගේ අවසන් කටයුතු ගැන දැනුම් දීමක්

රොනී ද මෙල් මහතාගේ අවසන් කටයුතු ගැන දැනුම් දීමක්

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මෙල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා පස්වරුවේ මාතර රුහුණු විශ්ව විද්‍යාල භූමියේදී සිදු කිරීමට නියමිත බව පැවසේ.

අද පස්වරුවේ සිට හෙට පස්වරු දෙක දක්වා කොළඹ තුන කොල්ලූපිටිය චාල්ස් ඩ්‍රයිව් හී පිහිටි ඒ මහතාගේ නිවසේ දේහ තැන්පත් කිරීමට නියමිතයි.

රොනී ද මෙල් මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.