ඉන්දියාවේ අධිවේගී මාර්ගයක සිදුවූ බස්රථ අනතුරකින් 25ක් මරුට

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක සිදුවූ බස්රථ අනතුරකින් 25ක් මරුට

අද (01) අලුයම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක දී පොදු ප්‍රවාහන සේවයේ යෙදුණු බස් රථයක් අනතුරට ලක්වී ගිනි ගැනීමෙන් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු 25 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පූනේ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ පුද්ගලයන් 33 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර, අධිවේගී මාර්ගයේ අලුයම 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව නිලධාරීහු පවසති.

අධිවේගී මාර්ගයේ කණුවක ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් ගිනිගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධියෙන් දිවි ගලවා ගත් බස් රථයේ රියදුරු පැවසුවේ ටයරය පුපුරා යාමෙන් පසු බස් රථය කණුවේ වැදුණු බවයි.

“අනතුරින් 25 දෙනෙකු පිළිස්සී මිය ගිය අතර, බස් රථ රියදුරු ඇතුළු තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහලට යවා ඇති බව බුල්දාන, පොලිස් අධිකාරී සුනිල් කඩසානේ පැවසීය.

“මේ මොහොතේ ප්‍රමුඛතාවය වන්නේ මළ සිරුරු හඳුනාගෙන ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට භාර දීමයි,” කඩසානේ පැවසීය.

 

Share This