කථානායකට එරෙහි සජබයේ විශ්වාසභංගයට නිදහස් පක්ෂයේ සහාය

කථානායකට එරෙහි සජබයේ විශ්වාසභංගයට නිදහස් පක්ෂයේ සහාය

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධාන සමගි ජන සන්ධානය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයකර තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත වීමෙන් පසු කථානායකවරයා ඊට අත්සන් තැබුවද එම පනතට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ සංශෝධන ඇතුළත් නොකිරීමට එරෙහිව සමඟි ජන සන්ධානය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබීය.

ඒ අනුව, කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පසුගිය 26වැනිදා අත්සන් තැබූ අතර එයට සහයෝගය දක්වන බවට උත්තර ලංකා සභාගයද ප්‍රකාශකර සිටියේය.