ආණමඩුවේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල

ආණමඩුවේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල

පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකුට ඊයේ (8) සවස ආනමඩුව තත්තෑව ප්‍රදේශයේදී වෙඩි තබා පලා ගොස් ඇතැයි ආනමඩුව පොලිසිය පවසයි.

වෙඩි වදුනු පුද්ගලයා තුවාල ලබා ආනමඩුව රෝහලට අතුලත් කිරීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට මාරුකර යවා ඇති අතර තුවාලකරුගේ වම් බාහුවට බරපතල හානි සිදුවී ඇති බැවින් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අද (09) අළුයම කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා

වෙඩි තැබීම සඳහා බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බව විමර්ශනවල දී හෙළිව ඇති බව සඳහන්.

වෙඩි තැබීම සිදු කර ඇති සැකකරු ආණමඩුව, වැටියපහළගම පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

මෙලෙස වෙඩිවැදී ඇත්තේ 45 හැවිරිදි ආණමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුටය.

වෙඩික්කරු පළාගොස් ඇති අතර පෞද්ගලික ආරවුලක් වෙඩිතැබීමට හේතු වන්නට ඇති බව පොලීසිය සැකකරයි.

Share This