ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රමෝද්‍යගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රමෝද්‍යගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ඛේදවාචකය පිලිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබේ.

ලිපියක් නිකුත් කරමින් ඔහු කියාසිටින්නේ, මෙම ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් වන බවත්, එම කුමන්ත්‍රණකාරී ක්‍රියා පිටුපස තිබුණේ හුදු පෞද්ගලික අභිමතාර්ථයන් ඉටුකර ගැනීම පමණක්ම බවත්ය.

“කුමන්ත්‍රණ පිටුපස සිටින්නේ අන් කිසිවකු නොව ශ්‍රී ලංකා ක්‍රිකට් බලය අපේක්ෂා කරන අය, තරගකාරී ඔට්ටු ඇල්ලීමේ යෙදීසිටින තැරැව්කරුවන් සහ ජාතික කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කරගැනීමට උත්සාහ කරන අයයි” යැයි ද ඔහු පවසයි.

කුමන්ත්‍රණ ව්‍යාපාර ඉදිරියට ගෙනයෑමේ ප්‍රධාන වේදිකාවක් ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන බව ප්‍රකාශ කරන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අවසානයේ එය ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීමට හේතු වූ බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවට පැනවෙන ක්‍රිකට් තහනම එකී ක්‍රියාවලියේම ප්‍රතිඵලයක් බවත් ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් කියා සිටියි.

එම ලිපිය පහතින්…

Share This