පාර්ලිමේන්තු ඉහළ නිලධාරිනියක් තනතුරින් දොට්ට

පාර්ලිමේන්තු ඉහළ නිලධාරිනියක් තනතුරින් දොට්ට

පාර්ලිමේන්තුවේ ඉහළ නිලයකට උසස් කෙරුණු නිලධාරිනියක එම උසස්වීමදී පැය 24ක් යන්නටත් පෙර ඉන් ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තාවේ.

ඇයගේ අංශයේ දෙවැනි නිලයට පත් කෙරුණු නිලධාරියාගේ නිවෙසට ගොස් ඔහුට විවිධ බලපෑම් කරන ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඇය එම තනතුරින් මෙසේ ඉවත් කර ඇත.

බලපෑමට ලක් වූ නිලධාරියා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට දැනුම් දීමෙන් පසු ඇය මෙම පියවර ගෙන තිබේ .

දෙවෙනි නිලයට උසස් කෙරුණු පුද්ගලයා සම්බන්ධයෙන් පෙර කී නිලධාරිනිය නොසතුටට පත්ව සිට ඇති අතර එම නිලධාරියාගේ නිවසට ඉකුත් සෙනසුරාදා ගොස් ඇති මෙම නිලධාරිනිය ” තවත් අය ඉද්දි ඔයා කොහොමද මේ තනතුරට එන්නේ” යනාදී පවසා දෝෂාරෝපණය කර ඇතැයි දැනගන්නට තිබේ .