මල්වතුහිරිපිටියේ හිමිනම ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

මල්වතුහිරිපිටියේ හිමිනම ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී විහාරස්ථානයක් තුළ දී වෙඩිතබා හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියට ඍජුවම සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බියගම පොලිස් වසමේ මල්වාන ප්‍රදේශයේ දී ඊයේ (15) සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ .

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 23 හැවිරිදි වියේ පසුවන අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්පහ – මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පසුගිය ජනවාරි 23 වනදා වෙඩිතබා පළාගොස් තිබෙනවා.

Share This