ආයෝජකයෙකු තෝරා ගැනීමට ශ්‍රීලන්කන් ලංසු විවෘත කිරීම අද

ආයෝජකයෙකු තෝරා ගැනීමට ශ්‍රීලන්කන් ලංසු විවෘත කිරීම අද

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට ලංසු විවෘත කිරීම අද (05) සිදුකිරීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා ඒ සඳහා ලංසු ඉදිරිපත් කිරීමට හැකි බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

අදාළ ලංසු ඉදිරිපත් කිරීම සජීවීව සිදුකිරීමට නියමිත අතර ඊට සහාය දැක්වීම සඳහා විශේෂ තාක්ෂණික කණ්ඩායමක් ද පත්කර තිබේ.

ලංසු ඇගයීම් වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ අයෝජනයක් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.