දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ නිලධාරීන් අතර සාකච්ඡාවක්

දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ නිලධාරීන් අතර සාකච්ඡාවක්

දේශාපලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ නිලධාරින් අතර සාකච්ඡාවක් ලබන 21 වැනිදා පැවැත් වීමට නියමිතයි.

ඒ, මැතිවරණ වියදම් නියාමන පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධවයි.

ඉදිරි මැතිවරණයේදී පනත සක්‍රීය ‍ලෙස ක්‍රියාත්මක කිරීමට පවතින බාධා හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂවල අදහස් ලබා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.