web hit counter
වයඹ සෑම පාසල් දරුවෙකුගේම ආහාර වේලට රජයෙන් බිත්තර

වයඹ සෑම පාසල් දරුවෙකුගේම ආහාර වේලට රජයෙන් බිත්තර

වයඹ පළාතේ සෑම පාසල් දරුවකුගේම ආහාර වේලට බිත්තරයක් එකතු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ කාර්යාලයේදී පසුගිය 04 වැනිදා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකදීය.

පාසල් දරුවන්ට ලබාදෙන කොළ කැඳවල ප්‍රමිතිය වෙනස් කිරීමට හැකි වුවද බිත්තරවලට එවැන්නක් සිදු කිරීමට නොහැකි බැවින් මෙවැනි තීරණයක් ගත් බවත් බිත්තර වලින් ළමයින්ගේ පෝෂණය වැඩි වෙනවා මෙන්ම බිත්තර නිෂ්පාදකයන්ටද මේ මගින් ශක්තියක් ලැබෙන බවත් ආණ්ඩුකාරවරයා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම සත්ත්ව ආහාර පිළිබඳ ගැටලුව සඳහාද අදාළ බලධාරින් සමග සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබාදීමට ආණ්ඩුකාරවරයා එහිදී පොරොන්දු විය.

ආණ්ඩුකාරවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙම කර්මාන්තය කඩා වැටීමට ඉඩ නොදෙන බවත් යම් ගැටලුවක් වේ නම් ඒ සම්බන්ධයෙන් තමා වෙත පැමිණ සාකච්ඡා කර විසඳා ගත හැකි බවත්ය.

එමෙන්ම බිත්තර සඳහා මිල පාලනයක් අවශ්‍ය බව ද ආණ්ඩුකාරවරයා එහිදී පෙන්වා දුන්නේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )