නෙදර්ලන්තයේ සරසවි සිසුවෙක් කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

නෙදර්ලන්තයේ සරසවි සිසුවෙක් කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

රොටර්ඩෑම් නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක අදාළ වෙඩි තැබීම සිදුව ඇති අතර නෙදර්ලන්ත පොලිසිය විසින් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ පවසන්නේ තුවක්කුකරු 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවයි.

ඔහු ඉරැස්මස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් 39 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 14 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර 43 හැවිරිදි පිරිමි කථිකාචාර්යවරයෙකු ද මියගොස් ඇත.

මෙම පුද්ගලයා පළමුව නිවසකට ගොස් එහි සිටි දැරියට සහ මවට වෙඩි තබා ඝාතනය කර පසුව ඉරැස්මස් වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් එහි සිටි කථිකාචාර්යවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This