ලොකු ළූණු මිල යළි ඉහළට

ලොකු ළූණු මිල යළි ඉහළට

වෙළඳපොලේ ලොකු ළූණු මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඊට හේතුව පකිස්ථානයෙන් ආනයනය කරන ළූණු මිල ඉහළ දැමීම බව වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගිය සතියේ පිටකොටුව තොග වෙළඳපොලේ රුපියල් 330ක පමණ අගයකින් පැවති ලොකු ළූණු කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 400 කට ආසන්න වී තිබෙනවා.

දඹුල්ල සහ මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලද ලොකු ළූණු තොග මිල රුපියල් 420 කට ආසන්න අගයක් සටහන් වන බවයි වාර්තා වන්නේ.