නුවරඑළිය මහේස්ත්‍රාත්වරියට ස්ථාන මාරුවක්

නුවරඑළිය මහේස්ත්‍රාත්වරියට ස්ථාන මාරුවක්

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි, නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වන කුෂිකා කුමාරසිරි මහත්මිය මහියංගනය දිසා අධිකරණයට වැඩ රාජකාරී නොමැති අතිරේක වැඩ බලන දිසාවිනිසුරු ලෙස මාරුකර තිබේ.

පොලිස් නිලධාරීන්ගේ අකාර්යමක්ෂතාව හේතුවෙන් නඩු කල්යෑම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ගැන මහේස්ත්‍රාත්වරියගේ දෝෂාරෝපණයට ලක්වීමත් සමග, මහේස්ත්‍රාත්වරියගේ එම වැඩපිළිවෙලට එරෙහිව පොලිස් නිලධාරීන් සැලසුම්සහගත ලෙස අධිකරණයෙන් නොවැම්බර් 06වැනි දින පිටව ගොස් ඇති බව නුවරඑළිය නීතිඥ සංගමය සඳහන් කරයි.

එම සිද්ධියෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මහේස්ත්‍රාත්වරිය මුණගැසී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් කණගාටුව පළකර ඇති බවද නීතිඥ සංගමය සදහන් කරයි.

නුවරඑළිය නීතීඥ සංගමය නොවැම්බර් 06 වන දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිදු වූ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය හෙළාදකිමින් යෝජනා සම්මතයක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට යොමුකර ඇත.