බිත්තර මිල තවත් පහළට

බිත්තර මිල තවත් පහළට

බිත්තර සඳහා නියම කර තිබෙන පාලන මිලට වඩා අඩුවෙන් සුදු හා දුඹුරු බිත්තර මිලදී ගත හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

සුදු බිත්තරයක් රුපියල් 40ක සහ දුඹුරු බිත්තරයක් රුපියල් 41ක තොග මිලට ගොවිපළෙන් වෙළඳුන්ට ලබාදෙන බවයි, එහි සභාපති ආර් .එම්. සරත් රත්නායක පැවසුවේ.

ඒ අනුව රුපියල් 44 සහ 45ක මිලකට ආර්ථික මධ්‍යස්ථාන වලින් සහ ඇතැම් වෙළෙඳසැල් වලින් බිත්තර මිල දී ගත හැකි බව වැඩිදුරටත් අදහස් දක්වමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.