පානදුර දුම්රිය පාලම යට නාඳුනන මළ සිරුරක්

පානදුර දුම්රිය පාලම යට නාඳුනන මළ සිරුරක්

පානදුර සාගර මාවතේ මෝය කට අසල දුම්රිය පාලම යට ගං ඉවුරේ තිබී ඊයේ (30) උදෑසන නාඳුනන මළ සිරුරක් හමුව ති‌බේ.

එම පුද්ගලයාගේ කොණ්ඩය නොමැති අතර මෘත ශරීරය හඳුනාගත නොහැකි තරමට ඉදිමී ඇති බවත්, මළ සිරුරේ දණ හිසෙන් පහළ කොටස නොමැති බවත්, තුනටිය අසල තුවාල වී ඇති බවත් පොලිසිය පවසයි.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගලයෙකි.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පානදුර දකුණු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.