ඇල්පිටියේ 17 හැවිරිදි තරුණියගේ ඝාතකයා අත්අඩංගුවට

ඇල්පිටියේ 17 හැවිරිදි තරුණියගේ ඝාතකයා අත්අඩංගුවට

ඇල්පිටිය ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මරණකාරියගේ මස්සිනා වන සුදේශ් ප්‍රියංකර නැමැති පුද්ගලයෙකි.

එහිදී, පොලීසිය විසින් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී ඔහු පවසා ඇත්තේ, ඝාතනය වූ තරුණිය වෙනත් පුද්ගලයෙකු සමග සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බැවින් මෙම ඝාතනය සිදුකළ බවය.

පසුව පොලීසිය විසින් සැකකරුව ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු එළැඹෙන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගෙල කපා ඝාතනය කළ 17 හැවිරිදි තරුණියකගේ සිරුරක් ඇල්පිටිය තලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී පසුගිය 09 වනදා සොයා ගැණුනි.

මස්සිනා විසින් එසේ පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණේ කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි හංසිකා නදීෂානි නමැති තරුණියකි.

Share This