සෞඛ්‍ය හා පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස්

සෞඛ්‍ය හා පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස්

පොත්, පාසල් උපකරණ සහ සෞඛ්‍ය උපකරණ සඳහා අය කරන ලද එකතු කළ අගය මත බද්ද (වැට්) ලබන මාසයේ සිට ඉවත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේදී නිකුත් කිරීමට රජය කටයුතු යොදා ඇත.

මෙම භාණ්ඩ වැට් බද්දෙන් නිදහස් කරන බව ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ මිල සියයට දහඅටකින් අඩුවීමට නියමිතය.

Share This