අධිකරණයට අපහාස කලැයි මෛත්‍රීට එරෙහිව පෙත්සමක්

අධිකරණයට අපහාස කලැයි මෛත්‍රීට එරෙහිව පෙත්සමක්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සම අද (30) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කළේ, මෙම පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.