නයගරා දියඇල්ල ආසන්නයේ පිපිරීමක් – දෙදෙනෙක් මරුට

නයගරා දියඇල්ල ආසන්නයේ පිපිරීමක් – දෙදෙනෙක් මරුට

අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල ආසන්නයේ නයගරා දියඇල්ල අසල සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථයක් තුළ අදාළ පිපිරීම සිදුව ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පිපිරීම හේතුවෙන් අමෙරිකා – කැනඩා දේශසීමා තාවකාලිකව වසා දමා තිබේ.

කෙසේවෙතත් මෙම පිපිරීම සිදුවුයේ කුමන හේතුවක් මත ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share This