වව්නියාවේ වැව් 639න් 415ක් පිටාර ගලයි

වව්නියාවේ වැව් 639න් 415ක් පිටාර ගලයි

දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූරණ වැව් 639 න් වැව් 415 ක්ම මේ වන විට පිටාර ගලන බව වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර මහතා පැවසීය.

මේ අනුව වව්නියාව දිස්ත්‍රීක්කයේ සම්ස්ථ වැව් 639 ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්නා වැව් 617 න් වැව් 400 ක්ද සුලු වාරිමාර්ග යටතේ පවත්නා වැව් 17 න් වැව් 11ක්ද මහවාරිමාර්ග යටතේ පවත්නා වැව් 5 න් වැව් 4ක් ද මේ වන විට පිටාර ගලන බවටද වව්නියාව දිස්ත්‍රීක් ලේකම් වරයා වැඩි දුරටත් පැවසීය.

මෙලෙස වැව් පිටාර ගැලීම හේතුවෙන් වව්නියාවේ මහකන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු ද විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් ගොවීන් පීඩාවට පත්ව ඇති අතර ම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

5f7a3c1a b2d2 4421 9f50 91c7e99714ce

6a5f49da f015 40a5 bddf cdfeeac9d437

A 5 2

Share This