සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නිවසට වෙඩි වරුසාවක්

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නිවසට වෙඩි වරුසාවක්

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන මනෝජ් මුතු කුමාරණ නොහොත් “මුතුවා” නැමැත්තාට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාර ප්‍රදේශයේ පිහිටි නිවසට අද (27) අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව නවගමුව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවකක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි, පොලිසිය සදහන් කළේ.

වෙඩි ප්‍රහාර අටක් පමණ එල්ල කර ඇති බවත් ඉන් කිසිවකුට හානි සිදුව නොමැති බවත් නිවසේ දොර ජනෙල් සහ බිත්තිවලට හානි සිදුව ඇතැයිද පොලිසිය පවසයි.

මෙම සංවිධානාත්මක අපරාධකරු නවගමුව පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ අපරාධ රැසක් මෙහෙයවා ඇති බවත් නවගමුව පොලිසියේ නිලධාරියකු ඝාතනය කරන බවට පසුගියදා දුරකථනයෙන් තර්ජනය කර තිබූ බවත් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.