දික්කසාද බිරිය අනියම් බිරියගේ බෙල්ල කපා ඝාතනය කරලා

දික්කසාද බිරිය අනියම් බිරියගේ බෙල්ල කපා ඝාතනය කරලා

පාදුක්ක වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පෙදරේරුවෙකු සමග ජීවත් වූ ඔහුගේ අනියම් බිරිය කියනු ලබන කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර පලා යමින් සිටි එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අද (09) දහවල් අල්ලා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකාරිය අදාල පෙදරේරුවාගේ දික්කාසද බිරිද බවත් අනෙක් සැකකරැ එම කාන්තාවගේ බාල සහෝදරයා බවත් පොලිසිය පවසයි.

එම සැකකාරිය පෙදරේරුවා සමගින් දික්කසාද වී වසර තුනක් පමණ ගතවන බවත් ඒ නිසාවෙන් මෙලෙස වෙනත් කාන්තාවක් සමග ජීවත් වූ බවත් එම පෙදරේරුවා ලබා දුන් සාක්ෂි වල සටහන් බවද පොලිසිය පවසයි.

පෙදරේරුවා අද (09) උදෑසන රාජකාරි කටයුත්තක් සදහා නිවසින් පිටත්ව ගිය පසු ඝාතනය සිදුකල සැකකාරිය සහ සැකකරු එම නිවසට පැමිණ ඝාතනයට ලක් වූ කාන්තාවට කතා කර නිවසින් පිටතට ගෙන්වා ගෙන තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර පලා ගොස් ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වලස්මුල්ල කටුවන අළුපොත්දෙනිය ප්‍රදේශයේ පදිංචි වැන්දඹුවක් වන 52 හැවිරිදි කාන්තාවකි.